සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා ආසාදනය වෙයි

ජන 23, 2021

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

    මේ වනවිට අමාත්‍යවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ටයි.

    කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ වනවිට පූර්ණ සුවය ලබා සිය නිවස වෙත පැමිණ තිබෙන බවද වාර්තා වෙයි.

    Latest News