කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින 474 දෙනෙක් සහ එහි කාර්ය මණ්ඩලයේ 126 දෙනෙක්ගේ ජෛව සාම්පල ලබාගැනීමට පියවර ගත් බව පුනරුත්තාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඊයේ දිනයේ පීසීආර් පරික්ෂණ 827ක් සිදු කර තිබේ. මෙතෙක් වාර්තා වූ කොවිඩ් 19 සමස්ත රෝගීන් 1,950 දෙනාගෙන් අද වන විට පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 1,472ක්.

මව්බිමට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ද අද අලුයම දිවයිනට පැමිණියේය.

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද (01) සිට ඇරඹේ. එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19ක් (25) වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කෙරිණ.

පසුගිය දින 3 ඇතුළත කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල සිදුකල PCR පරීක්ෂණ වලින් කිසිදු කොරෝනා ආසාදිතයකු හමුවී නොමැත.

අලව්ව කිරිවානාපොළ ප්‍රදේශයේ පදිංචි නාවික භටයෙකු කොරෝනා ආසාදිත බවට සැකකර රෝහල් ගතකර තිබේ.

මේ වන විට, PCR පරීක්ෂණ දොළොස්දහසකට අධික ප්‍රමාණයක් සිදු කර ඇතැයි, ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන්‌ බණ්ඩාර මහතා පවසයි.

COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

පිළියන්දලින් හමුවූ කොරෝනා රෝගියෙකු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පසුගියදා පැමිණ තිබීම හේතුවෙන් මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළඳුන් හා කාර්ය මණ්ඩලය P C R පරීක්ෂණවලට යොමු කිරීම අද ආරම්භ කළේය.

Latest News