වැලිකඩ ආසාදිතයා සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 600ක් PCR පරීක්ෂණයට

ජූලි 07, 2020

    කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින 474 දෙනෙක් සහ එහි කාර්ය මණ්ඩලයේ 126 දෙනෙක්ගේ ජෛව සාම්පල ලබාගැනීමට පියවර ගත් බව පුනරුත්තාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

    ඒ අද (07) වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමත් සමගයි.

    මෙම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි.

    ඒ අනුව අදාළ ආසාදිතයාව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබීය.

    ආසාදිතයාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ හා නිරෝධායන කටයුතු අද ආරම්භ කළ අතර රැඳවූවන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද එම පිරිසට අතරට අයත්.

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් සඳහා අමුත්තන් පෙන්වීමද අද සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව නැවැත්වීමට බන්ධාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 07 ජූලි 2020 18:43

    Latest News