අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4 වැනි දින සිට දෙසැම්බර් මස 18 වැනි දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ කෙරුණා. දිවයින පුරා මධ්‍යස්ථාන 3568 කදී එය ලබන 08 වැනිදා දක්වා පැවැත්වෙනවා.

‍‍අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියල්ල සූදානම් බව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි මාර්ගගත ක්‍රමයට (online) දිස්ත්‍රික් මට්ටමින් වෘත්තිය මාර්ගෝපදේශ වැඩසටහන් සංවිධාන කෙරේ.

2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

එළඹෙන මාර්තු පළමු වන සදුදා (01) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බවත්, මෙවර දින නවයක් විභාගය පැවැත්වෙන බවත්, විභාගය සඳහා අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදහසක් (622,000) පෙනී සිටීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

2021 මාර්තු 1 දින සිට ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක්‌ ජාකික හැඳුනුම්පත්‌ ලබා නොගක්‌ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත්‌ නිකුක්‌ කිරීමේ කටයුතු සඳහා පමණක්‌ 2021.02.26 දින (හෙට) පුද්ගලයින්‌ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, චව්නියාව හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත්‌ කාර්යාල පෙරවරු 8:30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයින්‌ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්‌ ජනරාල්‌ පී. වී. ගුණතිලක නිවේදනය කරයි.

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 වැනිදා සිට ජනවාරි 27 වැනිදා තෙක් පැවැත්වීමට තීරණය කර තිබේ.

Latest News