සා පෙළ අපේක්ෂකයින්ගේ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනය හෙට

පෙබ 25, 2021

    2021 මාර්තු 1 දින සිට ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක්‌ ජාකික හැඳුනුම්පත්‌ ලබා නොගක්‌ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත්‌ නිකුක්‌ කිරීමේ කටයුතු සඳහා පමණක්‌ 2021.02.26 දින (හෙට) පුද්ගලයින්‌ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, චව්නියාව හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත්‌ කාර්යාල පෙරවරු 8:30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයින්‌ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්‌ ජනරාල්‌ පී. වී. ගුණතිලක නිවේදනය කරයි.

    සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්‌ සඳහා පමණක්‌ මෙම විශේෂ සේවාව පවත්වනු ලබන අතර ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින්‌ සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්‌ පත්‌ රැගෙන පැමිණිය යුතු වේ.

    Latest News