සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

ජූලි 26, 2021

    2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.



    නව සංශෝධයට අනුව සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මස 21 සිට මාර්තු මස 03 වනදා දක්වා දිනවල පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    මීට පෙර 2021 වර්ෂයේ සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කර තිබිණි

    අද පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පවතින කොවිඩ් තත්ත්වය සලකිල්ලට ගෙන විභාගය කල් දැමූ බවයි.

    Latest News