සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් ඊයේ(29) නාවික හමුදා භාරයට ගෙන ඇත.

නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ කිලෝ 6000ක් සමග සැකකරුවන් 4ක් සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.

මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඉරණමාතානගර් ප්‍රදේශයේ දී සිදුකල සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් ඊයේ (03) යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

නාවික හමුදාව සහ කල්මුණේ සුරාබදු කාර්යාලය එක්ව 2019 සැප්තැම්බර් 05 වන දින අක්කෙරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 29) මන්නාරම දකුණු මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1456.1 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව තිබේ.

Latest News