නීති විරෝධීව රැගෙන ආ කහ කිලෝ 6000ක් නාවික හමුදා භාරයට

අගෝ 12, 2020

    නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ කිලෝ 6000ක් සමග සැකකරුවන් 4ක් සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10ක් දුර මුහුදේ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී මෙම කහ තොගය හමුව තිබේ.

    මෙම කහ තොගය සහිත ට්‍රෝලර් යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා දික්ඕවිට ධීවර වරයා වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.

    Latest News