කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළඳපළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ හඩ පට පිළිබඳව අගවිනිසුරුවරයා නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමා විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය දියුණු කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයෙහි (රන්මිණිතැන්න) නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.

ජනවාරි පළමුවැනිදා උදාවන විසිඑක් වැනි සියවසේ තුන්වෙනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට අපි පත් කර ගනිමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2020 නව වසර උදාව නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

සියළුම ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු හා සාමකාමි නත්තලක් වේවායි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උදා වූ නත්තල වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණ අලුයම කිරි ආහාර පූජාවට එක්විය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නව අගමැති ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පසුගිය පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ආණ්ඩුවේ ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදුයුදීන්, ඒ. එච්. එම්. ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08) පෙරවරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාව ඔහුගේ නිල නිවසේදී හමුවූහ.

Latest News