මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

නොවැ 21, 2019

    මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නව අගමැති ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ඒ, අද පස්වරු 1.10ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් තමා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමෙන් පසු සිය පත්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබිණ. මේ අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මහින්ද රාජපක්ෂ මහතා පවුලේ සාමාජිකයින් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    pmmahinda2 px 900 19 11 21

    1945 නොැවම්බර් 18 වැනිදා උපත ලැබු මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හයවන ජනාධිපතිවරයා ලෙසින් 2005 නොවැම්බර 19 දින සිට 2015 ජනවාරි 9 දින දක්වා කටයුතු කළේය. වෘත්තියෙන් නීතිඥයෙක් වන රාජපක්ෂ මහතා පළමුවෙන් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ 1970 වසරේදීය.

    2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිම දක්වා අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය. ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය වසර ධූර කාලය සඳහා 2005 නොවැම්බර් 19 දින ඔහු දිවුරුම් දුන්නේය. දෙවන ධූර කාලය සඳහා 2010 ජනවාරි 27 වැනිදා තේරි පත්විය. වසර 10ක විධායක ජනාධිපති ධුර කාලයකින් පසු සමුගත් මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ සැප්තැම්බර් මස පැවැති මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසියේය.

    pmmahinda px 900 19 11 21

    pmmahinda1 px 900 19 11 21

    2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා දෙවැනි වරටත් අගමැති දුරයට පත්වු මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ අගමැති ධූරයට පත්වුයේ තෙවැනි වරටයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය කාර්යාලයේ දී අද පස්වරු 3.00ට රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. එය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 15:57

    Latest News