අද (07) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ 2ක් හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබේ.

අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය හා කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලදාරී වසම් හා ප්‍රදේශ 2ක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

හුදකලා කර තිබූ කළුතර, ගම්පහ, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක හුදකලාබව ඉවත් කර තිබේ.

දිස්ත්‍රික්ක 07කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26 ක් අද (11) උදෑසන 4 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

අද (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 17ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව 'කොවිඩ් 19' වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද (20) උදෑසන සිට දිස්ත්‍රික්ක 06කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පවතින කොවිඩ් වසංගත තත්වයේ හේතුවෙන් අද (09) උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව හෙට (01) උදෑසන 5.00 සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 ඒ වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා බවින් ඉවත් කර තිබේ.

මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (09) උදෑසන 6.00 සිට ඉවත් කර තිබේ.

Latest News