ප්‍රදේශ 26ක් හුදෙකලා භාවයෙන් මුදා හැරේ

ජූනි 11, 2021

    දිස්ත්‍රික්ක 07කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26 ක් අද (11) උදෑසන 4 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.



    යුද හමුදාපතිවරයා පැවසුවේ හුදෙකලා බවින් ඉවත් කෙරුණ ද සංචරණ සීමාවලට යටත්ව අදාළ ප්‍රදේශවල කටයුතු සිදු කෙරෙන බවයි.

    හුදෙකලා බවින් ඉවත් කෙරුණු ප්‍රදේශ අතරට සෙවණගල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 7 ක් හා වත්තල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 07 ක් හා දූනගහපිටිය පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 02 ක්ද අයත්වේ.

    ඊට අමතරව කින්නියා පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 02 ක්, අගුණුකොලපැලැස්ස, ලිඳුල, කාත්තන්කුඩි, පානදුර දකුණ, වැලිවේරිය, මහබාගේ, දිවුලපිටිය සහ කඩවත යන පොලිස් වසම්වල එක් ග්‍රාම නිලධාරී වසම බැගින් අයත්වේ.

    Latest News