ප්‍රදේශ කිහිපයක අද (24) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කිරීමට සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ප්‍රදේශ 11ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කිරීමට කටයුතු කරඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙයි.

කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග හුදෙකලා කෙරුණු ග‍්‍රෑන්ඩ්පාස්, මාලිගාවත්ත හා දෙමටගොඩ යන පොලිස් බලප‍්‍රදේශ අද අලූයම 5.00 සිට එම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරිණ.

කොටහේන, ආදුරුප්පුවීථිය සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශය සහ කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේවත්ත හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අවිස්සාවේල්ල,කොස්ගම හා රුවන්වැල්ල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Latest News