2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා බවට පත් වූයේ,දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසලේ චමල්කා සෙව්මිණී ශිෂ්‍යාවයි.

චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා  ශ්‍රී ලංකා දෙදින නිල චාරිකාව සාර්ථකව නිම කර අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් සහ වෙනත් මගීන් ද ඇතුළුව 718 දෙනෙක් පසුගිය පැය 24 තුළ ගුවන් යානා 11කින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වෙනුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවෙට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම ‍මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියේය.

අද (19) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 33 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 22 දෙනෙකු, MU 713 දරණ මගී ගුවන් යානය මගින් චිනයේ සිට පුද්ගලයින් 39 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

විදේශ රටවල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 599 දෙනෙක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති 'නිවාර්' චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර එය ක්‍රමයෙන් දුර්වලවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් ගතව සිටි ශ්‍රි ලාංකිකයින් 332 දෙනෙක් අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 724 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

කටාර් රාජ්‍යයේ හා ජෝර්දාන් සිටි ශ්‍රී ලාංකිකයින් 305 දෙනෙක් අද (18) අලුයම දිවයිනට පැමිණ තිබේ.

Latest News