'නිවාර්' දිවයිනෙන් ඉවතට

නොවැ 26, 2020

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති 'නිවාර්' චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර එය ක්‍රමයෙන් දුර්වලවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම මේ සමගම අඩුවී ඇති බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 නොවැම්බර් 2020 13:13

    Latest News