පසුගිය මාස තුන ඇතුළත ඉන්දීය ආර්ථිකය සියයට 23.9කින්‌ පහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා සමස්ත වෛරස ආසාදිතයන් සංඛ්‍යාව තිස් හය ලක්ෂ 20,000කට ආසන්න වී තිබේ.

ඉන්දියාව ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 77,268ක් වාර්තා කර තිබේ.

ඉන්දියාවේ නවදිල්ල නුවර සිට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් (24) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා විය.

පුද්ගලයන් 18 දෙනෙකුගේ ජීවිත අහිමිකරමින් ඉන්දියාවේ කොසිකොඩ් නගරය ආසන්නයේ මගී ගුවන් යානයක් ඊයේ අනතුරට පත්ව තිබේ. අධික වාර්ෂා තත්වය යටතේ යානය ගොඩබෑමට සූදානම් වන අවස්ථාවේ දී මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වෙයි.

මධ්‍යසාර අඩංගු වන විෂබීජනාශක දියර පානය කිරීමෙන් ඉන්දියාව තුළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් තිබේ.

මෙරට රැකියාවල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙක් ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් සිය රට වෙත රැගෙන ගොස් තිබේ.

ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට හත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

උතුරු දිග ඉන්දියාවේ, ගාසියාබහද් නගරයේ කම්හලක සිදුවූ ගින්නකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ විසිහත් දහසකට අධික වන අතර, මරණ සංඛ්‍යාව 18,000 ඉක්මවා ගිහින්.

Latest News