ඉන්දියාවේ ආසාදිතයින් වාර්තාවීම යළි ඉහළ යයි

අප්‍රේ 17, 2021

    ඉන්දියාව තුළ මේ වන විට සමස්ත ආසාධිතයන් 1 කෝටි 45 ලක්ෂ 26,000 ඉක්මවා ගොස් තිබේ.

    ඉන්දියාව තුළ දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම රට තුළ වසංගතය උග්‍ර අතට පත්වෙන බවට සාක්ෂියක් බව, සෞඛ්‍ය අංශ පවසයි.

    ගත වූ පැය 24 තුළ දී පමණක් එරටින් දෙලක්ෂ 33,000 ඉක්ම වූ නව ආසාදිතයන් පිරිසක් වාර්තා විය.

    ඊයේ දිනයට පමණක් එරටින් වාර්තා වූ නව මරණ 1,338ක්. එම සංඛ්‍යාවත් සමග ඉන්දියාව තුළ දැනට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව එක්කෝටි 75,000 වඩා ඉහළ ගොස් තිබේ.

    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නම ආසාදිතයන් වාර්තාවීම ඉහළ යෑම හේතුවෙන් මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑමේ තර්ජනයක් පවතින බවයි.

    Last modified on සෙනසුරාදා, 17 අප්‍රේල් 2021 12:12

    Latest News