ඉන්දියාවේ වැඩිම කොවිඩ් මරණ ඊයේ

අප්‍රේ 21, 2021

    ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වී තිබේ.

    ඒ අනූව, ඉකුත් පැය 24 තුළ එරටින් හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 94,290ක්. එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගියේ අඛණ්ඩව 8 වැනි දිනටයි. එම කාලසීමාව තුළ එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2,020ක්.

    ඒ අනූව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලෙන් සමස්ත ඉන්දියාවම ආක්‍රමණය වී තිබේ. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාව මේ වන විට අතීතයේ විශාලා මහනුවර තත්වයට පත්ව ඇති බවයි.

    එරට බොහෝ ප්‍රාන්තවල වෛරසය පාලනය කර ගත නොහැකි තත්වයකට පත්ව තිබේ. මේ වන විට වැඩිම බලපෑමකට ලක්ව ඇති ප්‍රාන්ත අතර, එරට වැඩිම ජනගහනයක් වෙසෙන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ඉදිරියෙන් පසු වෙයි.

    Last modified on බදාදා, 21 අප්‍රේල් 2021 09:22

    Latest News