කොරෝනා උග්‍ර වෙද්දී එය නොතකා කුම්භමේලා උත්සවයට විශාල පිරිසක්

අප්‍රේ 13, 2021

    කොරෝනා වසංගන තර්ජනය වඩාත්‌ උග්‍ර වෙද්දී එය නොතකා ඉන්දියාවේ හින්දු බැතිමතුන්‌ ලක්‍ෂ ගණනකගේ සහභාගිත්වයෙන්‌ කුම්භමේලා උත්සවය පවත්වනු ලැබුවා.

    ඊයේ අවසන්‌ දින විසිපන්ලක්ෂයකට අධික ජනයා සාමුහිකව ගංඟා නම්‌ ගඟේ ස්නානය කළ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන්‌ කරන්නේ.

    ප්‍රධාන උත්සවය පැවැත්වුණේ උත්තරාකාන්ද්‌ ප්‍රාන්තයේ හරිද්වාර්‌ නගරයේදී. එම ස්ථානයේ පමණක්‌ ඊයේ දහවල්‌ වන විට විසිඑක්ලක්‍ෂයක්‌ ජනයා දිය නෑමේ උත්සවයට එක්ව තිබෙනවා. බැතිමතුන්‌ එක්රැස්වීමත් සමග හරිද්වර්හි කොරෝනා ආසාදිතයන්‌ සංඛ්‍යාව ශීඝ්‍රයෙන්‌ ඉහළ යමින්‌ පවතින බව වාර්තා වේ.

    දෛනිකව ඉන්දියාවෙන්‌ වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සති කිහිපයක සිට ලක්‍ෂයේ සීමාව ඉක්මවා තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්‌ කළ ඉල්ලීම්‌ ද නොතකා බැතිමතුන්‌ ලක්‍ෂ ගණනින්‌ කුම්භමේලා උත්සවයට සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ. කුම්භමේලා යනුවෙන්‌ හැඳින්වෙන්නේ වසර 12 කට වරක්‌ යෙදෙන නැකත්‌ අනුව හින්දු බැතිමතුන්‌ පවත්වන උත්සවයකි‌. එම ආගමික වතාවත්‌ ගංඟා, ගෝදාවරි, යමුනා හා ශීප්‍රා යන ගං ඉවුරුවලදී සිදු කරනු ලබනවා. කුම්භමේලා සමයේදී ශුද්ධවූ ගංගා ජලය ස්නානය කිරීමෙන්‌ සියලු පව් සේදී යන බවයි හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

    Latest News