ඉන්දියාවට කුරුළු උණ වසංගතයක්

ජන 07, 2021

    ඉන්දියාවේ මධ්‍යම මැන්ඩ්සෝර් නගරයේ කුරුල්ලන් හා කපුටන් විශාල වශයෙන් මරණයට පත්ව තිබේ. වනජීවි බලධාරීන් සිදුකළ පරීක්ෂණ වල දී හෙළි වී ඇත්තේ, කුරුළු උණ වෛරසය ව්‍යාප්ත වීම ඊට හේතුව බවයි.

    කුරුළු උණ වෛරසය මේ වන විට ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින බවට තහවුරු වීමත් සමග දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

    වෛරසය පැතිරීම මැඩපැවැත්වීමට හදිසි පියවර ගන්නා ලෙසයි,ප්‍රාන්තවලට උපදෙස් ලබා දී ඇත්තේ.

    මෙම කුරුළු උණ මිනිසුන්ට අඩු අවදානමක් ගෙන දුන්න ද මියගිය හෝ රෝග ලක්ෂණ සහිත පක්ෂීන් ස්පර්ශ නොකරන ලෙස බලධාරීන් උපදෙස් දී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 ජනවාරි 2021 10:15

    Latest News