ඉන්දියාවේ ගොවිනීති 3ක් අත්හිටුවයි

ජන 13, 2021

    ඉන්දියාවේ දැවැන්ත ගොවි විරෝධතාවන්ට හේතු වූ නව ගොවි නීති තුනක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කර තිබේ.

    මෝදි රජය ගෙන ආ මෙම නව ගොවි නීතීන්වලට එරෙහිව දින 45කට වැඩි කාලයක් දැවැන්ත විරෝධතා රටපුරා ක්‍රියාත්මක විය. ගොවීන් සමග සාකච්ජා කර ඉදිරි පියවර ‍ගැනීම සඳහා කෘෂිකාර්මික විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර තිබේ.

    ඉන්දීය අගවිනිසුරු ශරාඩ් අරවින්ද් ප්‍රකාශ කළේ,ගොවීන් නැවතත් ඔවුන්ගේ ජීවන වෘත්තිය වෙත යොමු කිරීම අතිශය වැදගත් බවයි.

    දින ගණනාවක් ගොවි විරෝධතාවන් පැවැත්වුණේ,කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්ත වෙමින් පැවති පසුබිමක වීම විශේෂත්වයක්.

    රජයේ නව ගොවි නීති මගින් පෞද්ගලික අංශයට ගොවි බිම් අත්පත් කර ගැනීමට සහ මිල පාලනයට අවස්ථාව සැලසෙන බවටයි,ගොවීන් චෝදනා කළේ.

    Last modified on බදාදා, 13 ජනවාරි 2021 10:49

    Latest News