ඉන්දියාවේ තවත් ආසාදිතයන් 96,557ක්

අප්‍රේ 06, 2021

    ලොව වැඩිම දෛනික කොරෝනා රෝගීන් වාර්තා වන ඉන්දියාවේ ගතවූ පැය විසි හතරේ දී ආසාදිතයන් 96,557 දෙනෙක් හඳුනාගැනිණ.

    එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 26 ලක්ෂ 84,000 ඉක්මවා තිබේ.

    ඊයේ වැඩිම දෛනික කොරෝනා මරණ වාර්තා වී තිබුණේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 1,623ක්. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 33,000 ඉක්මවයි. බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයන් එක්කෝටි තිස් ලක්ෂ 23,000ක් වාර්තා වෙයි.

    Last modified on අඟහරුවාදා, 06 අප්‍රේල් 2021 11:33

    Latest News