නිදහස් සමරුව; පෙ. 03 කොළඹ පාසල් 15ක් වැසේ

ජන 31, 2020

    ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති පරිදි පෙබරවාරි 04 වැනි දින නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත 72 වැනි ජාතික දින උළෙලේ ආචාර පෙලපාලියේ අවසන් පුහුණු කටයුතු එදින සිදු කිරීමට නියමිතයි.

    ඒ හේතුවෙන් මතුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම පිණිස නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටා ඇති පහත නම් සඳහන් පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    1- ඩී එස් සේනානායක විද්‍යාලය - කොළඹ

    2- රාජකීය විද්‍යාලය - කොළඹ

    3- තර්ස්ටන් විද්‍යාලය - කොළඹ

    4- ‍යශෝධරා විද්‍යාලය - කොළඹ

    5- මියුසියස් විද්‍යාලය - කොළඹ

    6- සෙන්ට් බ්‍රිජට්ස් විද්‍යාලය - කොළඹ

    7- Lady’s College – Colombo

    8- Colombo International School – Colombo

    9- Wycherley International School – Colombo

    එමෙන් ම, පුහුණු කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශවල නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන් කොළඹ මහානාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය සහ පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය (කණිෂ්ඨ විද්‍යාලය ද ඇතුළුව) ජනවාරි 30 ප.ව. 2.00 සිට පෙබරවාරි 4 සවස 5 දක්වා ද, කොළඹ 12 - මිහිදු මහා විද්‍යාලය, කොළඹ 10 - අල් හිදායා විද්‍යාලය සහ කොළඹ10 - අශෝක විද්‍යාලය වෙත 2020 පෙබරවාරි 03 පෙරවරු 9.00 සිට පෙබරවාරි 04 වැනි දා රාත්‍රිය වන තෙක් ද නිවාඩු ලබා දීමට කටයුතු යොදා ඇත.

    මෙසේ නිවාඩු ලබා දීම නිසා සිසුන්ට මඟහැරෙන ඉගැන්වීම් කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙස ද සියලු පාසල් ප්‍රධානීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

    Last modified on සිකුරාදා, 31 ජනවාරි 2020 18:40

    Latest News