සුබ උපන්දිනයක් ජනපතිතුමනි

ජූනි 20, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 71 වැනි ඡන්ම දිනය අදට (20) යෙදී තිබේ. 1949 ජුනි මස 20 වැනිදා උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ගත්තේය .

    2005 වසරේ දී ජනතාව මාතෘ භූමියේ වගකීම මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරමින් ජනාධිපති ධුරයට පත්වීමත් සමග මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජකාරී ආරම්භ කරන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රස්තවාදය පරාජය කරමින් මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දෙයි. සාමයට ලැදි ජනතාවගේ බලාපොරොත්තු සඵල කරමින් තිස් අවුරුදු ත්‍රස්තවාදයේ අවසානය සනිටුහන් වූයේ ඒ අයුරින්. අනතුරුව ඇරඹුණේ සංවර්ධන සංග්‍රාමයයි. අපවිත්‍රවූ අගනගරය ජනතා ආකර්ශනය සහිත ස්ථානයක් බවට පත්වූයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම යටතේ. මේ සුන්දරත්වය එහි සදාතනික සාක්ෂියක් වනු ඇති.

    ශක්ති සම්පන්න සෘජු නායකත්වයක් මාතෘ භූමියට අවැසි විය. අන්තවාදය හා ජාතිවාදය ප්‍රතික්ෂේප කරන නායකයෙකු මව්බිමේ බලාපොරොත්තුව විය. සකළවිද ජනතාව ප්‍රාර්ථනා කළේ, මර බියෙන් තොර රටක් නිර්මාණය කළ හැකි නායකත්වයක්. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලාපොරොත්තුව වූයේ ද එයයි. අවසානයේ හැට නව ලක්ෂයක් ජනතාවගේ ප්‍රාර්ථනය වූයේ මේ සෘජු නායකත්වයයි. ඉතිහාසයේ අන් කිසිඳු නායකයෙකුට මුහුණදීමට සිදු නොවූ අභියෝග වලට මුහුණදීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සිදුවිය.
    සංවර්ධිත රටවල් සැළසුම් සකස් කරන්නටත් පෙර එතුමා කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමට ක්‍රියා කළේය. එය විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ඇගයීමට ලක්විය. සරළ, සෘජු හා ධෛර්ය සම්පන්න නායකත්වය අවසානයේ දෙවැනි වරටත් සිය මව්බිමට ජයග්‍රහණය ළඟා කළා.

    Last modified on සෙනසුරාදා, 20 ජූනි 2020 11:10

    Latest News