මහ මැතිවරණය සෞඛ්‍යාරක්‍ෂිතව පැවැත්වීමට අවශ්‍ය විෂබීජහරණ දියර ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද බාරදෙනු ලැබීය.

මැතිවරණ කොමිෂන් සභාව සහ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද පැවැත්විණ.

2020 ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටියි.

මහ මැතිවරණය ජුනි 20 වැනි දින පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරු හැරීමේ අති විශේෂ ගැසට් පත්‍රයට අනූව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම සඳහා මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අප්‍රේල් මස 25 වැනිදා නියම කර තිබේ.

Latest News