ඡන්ද ගණන් කිරීම අගෝස්තු 6 වැනිදා උදේ 8 සිට (වීඩියෝ)

ජූනි 30, 2020
  • මැතිවරණ කොමිෂන් සභාව සහ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද පැවැත්විණ.

    රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ඊට එක්වූ අතර, මෙහිදී ජනමාධ්‍ය උපමාණ හා මැතිවරණ කාලසීමාව තුළ ජනමාධ්‍ය හැසිරවිය යුතු ආකාරය පිළිබඳ අවධානය යොමුවිය.

    සියලු පක්‍ෂ නියෝජිතයන් හා ස්වාධීන කණ්ඩායම්වලට සම අවස්ථාව ලබාදීමට පියවර ගත යුතු බව මෙහිදී සඳහන් කෙරිණ. අද පැවති සාකච්ජාවේදී අවධානය යොමු වූ තවත් කරුණක් වූයේ මැතිවරණ දිනට පසු දින එනම්, අගෝස්තු 6 වැනිදා උදේ 8.00ට ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන බවයි. එදින මධ්‍යම රාත්‍රිය වනවිට සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවන බව එහිදී මැතිවරණ කොමිසම විශ්වාසය පළ කළේය. මේ අතර, මාධ්‍ය හැසිරවීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අදහස් පළ කළේය.

    Last modified on අඟහරුවාදා, 30 ජූනි 2020 20:10

    Latest News