විදේශිකයින්ට මෙරටින් පිටත්වීමට කඩිනම් පියවර

මාර් 21, 2020

    සංචාරක හා වෙනත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට අපහසුවකින් තොරව දිවයිනෙන් බැහැරවීම සඳහා විදේශ අමාත්‍යාංශය කඩිනම් පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන නිත්‍ය ගුවන් ගමන් සහ යෙදවාගත හැකි විශේෂ ගුවන් ගමන් යන ආකාර දෙකම මේ සඳහා භාවිත කළ හැකියි. එම ක්‍රමවේදය පිළිබඳ විශේෂ සාකච්ජාවක් විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ද පැවැත්විණ. මීට බටහිර කලාපයේ රටවල් නියෝජනය කරන තානාපතිවරු මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නියෝජිතවරුන් සහභාගී විය.

    දැනට පනවා ඇති ඇඳිරි නීතිය සැලකිල්ලට ගෙන මගීන්ට ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා ගමන් ගන්නා වාහනය සහ එහි රියදුරු සඳහා, ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට තම ගුවන් ටිකට්පත භාවිත කළ හැකි බව, පොලිස්පතිවරයා සහතික කර තිබේ.

    මෙම දුෂ්කර අවස්ථාවේ විදේශික ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආගන්තුක සත්කාරය ලබාදීම සහතික කිරීම සඳහා පොදු පියවර ගැනීමේ වැදගත්කම ද මෙහි දී සාකච්ජා කෙරිණ. සංචාරකයන් අත් විදින සෘනාත්මක ප්‍රතිචාර වෙතොත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ දුරකතන මාර්ග ද ස්ථාපනය කර ඇති බවයි, මෙහි දී අවධාරණය කෙරුණේ.

    මෙම සතිය මුල දී ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීමෙන් අනතුරුව වීසා බලපත්‍ර කල් ඉකුත් වී හෝ කෙටි කලකින් කල් ඉකුත් වීමට නියමිතව විදේශියන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට තමන් විසින් ගත් පියවර රටවල් කිහිපයක රජයන් හි නියෝජිතයන් මෙහි දී පැහැදිලි කළේය.

    විදේ

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 11:42

    Latest News