‘ගුරු කුලවලට සීමා නොවී, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් අලුතින් සිතා නොබියව, නිවැරදි තීන්දු තීරණ ගන්න, මතුවන ඕනෑම ගැටළුවකට පාර්ලිමේන්තුවෙදි මම මුහුණ දෙන්නම්’ යැයි අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙයි.

මේ වනවිට සකස් කර අවසන් වී තිබෙන නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පෞද්ගලික පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාතයාංශයට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) ප්‍රකාශ කළේය.

ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජය ගැනීමේ පියවරක් ලෙසින් සතියකට එක් දිනක් සියලු පාසල්වල ඉංග්‍රීසි සන්නිවේදන දිනය ලෙස පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා යෝජනා කර තිබේ.

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කළ නිල ඇඳුම් තිලිණ පත්වල වලංගු කාලය මැයි 31 දක්වා දීර්ඝ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් අධ්‍යාපනය පුද්ගලිකරණය කිරීමේ උත්සාහයක නිරතව සිටින බවට බන්දුල ගුණවර්ධන මහතාගේ කරුණු දැක්වීම පදනම් විරහිතයි යැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ජාතික පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ දී සිදු වූ බව පැවසෙන අසාධාරණයන් පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කෙරේ.

පාසල්වලට මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නියෝග කරයි.

වසර 8කට වඩා එකම පාසලක සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීම සහ ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත් නොකිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව සම්මතවූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Latest News