ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ජාතික ආරක්ෂාව හැරුණු විට රට ගොඩනැගීමේ දී ප්‍රමුඛතම අවධානය යොමු කර ඇත්තේ අධ්‍යාපනයට බවත්, එයින් මේ රටේ විශාල පරිවර්තනයක් ඇති කළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

“ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව” නමින් වෙනම සේවාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට අද (11) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ක්‍රීඩාව නිසා විභාගයත්, විභාගය නිසා ක්‍රීඩාවත් දරුවන්ට අහිමි නොකරමින් ගත් අධ්‍යාපනයේ තවත් සාධනීය පියවරක් සටහන් වෙයි.

ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව ලෙස වෙනම සේවාවක් ස්ථාපනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාගැනීම සඳහා ඊයේ (29) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

පාසලක සිටින සියලු සිසුදරුවන්ගේ භාරකාරත්වය හා ආරක්ෂාව සම්බන්ධ පූර්ණ වගකීම විදුහල්පති හා සමස්ත කාර්ය මණ්ඩලය වෙත පැවරෙන බැවින් පාසල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ප්‍රධානීන් වෙත මේ වනවිටත් ලබා දී ඇත.

මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු තුළින් යහපත් කායික මානසික සමබරතාවක් දරුවන්ට අත්පත්කරදීම වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.

තවත් සිසුන් 5000 කට පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහනේ ඉදිකිරීම් සම්බන්ධ කිසියම් හෝ ගැටළුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දීමට අවස්ථාව ලබා දී තිබේ.

කළමනාකරණ සේවා දේපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමතව සේවය කරන පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු හා මුරකරු තනතුරු දරන 4766 කගේ තනතුරු නාම සංශෝධනය කරනු ලැබ ඇත.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රු.500/- සිට රු.750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.

Latest News