1 ශ්‍රේණියට ගැනීම ගැන සොයන්න කමිටුවක්

පෙබ 05, 2019

    ජාතික පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ දී සිදු වූ බව පැවසෙන අසාධාරණයන් පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කෙරේ.

    2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දී අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී ඇත. ඒවා පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට උපදෙස් ලබා දුන්නේය.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. එහි සෙසු සාමාජිකයින් වන්නේ පාසල් කටයුතු අධ්‍යක්ෂ කමණී පෙරේරා මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය විමර්ශන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනී වික්‍රමතිලක මහත්මියයි.

    Latest News