එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

රටෙහි මේ වන විට පවත්වනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු පාසල්වල ක්‍රීඩා තරඟ, සිසුන් සමූහ වශයෙන් සම්බන්ධ වන අනෙකුත් අදාල ක්‍රියාකාරකම් අප්‍රේල් මස 20 වන දා දක්වා නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලුම විදුහල්පතිවරුන්ට දන්වා සිටී.

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙකක් නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

මෙම වෛරසය ආසාදිතව ඇති පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බව වාර්තා වී ඇති බැවින් ඉදිරියේ දී යොදා තිබෙන ඇති සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

‘බිග් මැච්’ සංදර්ශනවල දී පාසල්වල කීර්ති නාමය විනාශ නොකර විනය අකුරට පවත්වා ගැනීමට සිසුන්ට උපදෙස් ලබා දී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ශිෂ්‍ය උපදේශන කාර්යය සඳහා නවක ගුරු පත්වීම්වලට අදාළ අවසන් වටයේ සම්මුඛ පරීක්ෂණ අද (06) සිට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

කවර ආකාරයකින් හෝ දෙමව්පියන් අහිමි වන සියලු දරුවන් මින් ඉදිරියට සුරක්ෂිත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කිසිදු දරුවෙකුට කිසිම විභාග මධ්‍යස්ථානයක දී අපහසුවක්, පීඩාවක් හෝ බාධාවක් සිදුව නැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කරයි.

ලබන පාසල් වාරය ආරම්භයේ දී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියි.

Latest News