කොවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද ‍භාවිත කරමින් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුව ඇත. මේ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක්ව විෂයානුබද්ධ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය කරමින් පවතියි.

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ පාකිස්තානයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් (Muhammad Saad Khattak) මහතා අතර පසුගිය දා (28) විශේෂ හමුවක් පැවැත්විණි.

මෙරට පාසල් සිසුන් ගුරුභවතුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන් සම්බන්ධ කරගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය තුළ සහකම්පනය (Learning for empathy) නමින් වැඩසටහනක් ආරම්භ කෙරේ.

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතවරුන් අතර පැවැත්විණි.

වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ පාසල් මාර්ගෝපදේශ ඇතුළත් “යහපුරුද්දෙන් සුව පැවැත්මක්” නම් වූ සංයුක්ත තැටිය නිකුත් කිරීම හා පාසල් වෙත බෙදාහැරීම සඳහා නිල වශයෙන් අධ්‍යාපන ලේකම්වරයා වෙත භාර දීම අද (04) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

මත් උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සමගාමී ව පාසල්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

කොරෝනා වසංගතයේ වත්මන් තත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අන්තර්ජාල පහසුකම් සහිත හෝ රහිත ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඩයලොග් ආසියාටා සමාගම එක්ව සිටී.

Latest News