එළඹෙන බදාදා ලංකාවේ ප්‍රධාන වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් හමුවීමට බලාපොරොත්තු වන බවත් පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධ ව අදාළ උපදෙස් ලබා ගැනීමට බලපොරොත්තු වන අතර ඒ අනුව පාසල් විවෘත කිරිම සම්බන්ධව තීරණයක් ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසී ය.

නායකත්වයන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හටගෙන ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ පැවැත්වෙන බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(09) පෙරවරුවේ රැස්වේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හා ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා අතර පැවති සාකච්ජාව අවසන් විය.

මෙරට ඇති වී තිබෙන නඩු ප්‍රමාදයන් වළක්වා කඩිනමින් නඩු විමසීමේ ක්‍රමවේදයන් පිළිබඳ අද විශේෂ සාකච්ඡාවක් කොළඹ මහාධිකරණයේ දී පැවැත්වේ.

Latest News