කොළඹ නඩු කඩිනම්කරන්න; විනිසුරු හා පොලිස් ලොක්කන් හමුවෙයි

පෙබ 07, 2019
    මෙරට ඇති වී තිබෙන නඩු ප්‍රමාදයන් වළක්වා කඩිනමින් නඩු විමසීමේ ක්‍රමවේදයන් පිළිබඳ අද විශේෂ සාකච්ඡාවක් කොළඹ මහාධිකරණයේ දී පැවැත්වේ.
    මේ සාකච්ඡාව සඳහා නිතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ඉහළ නිලධාරීන් සහභාගී වීමට නියමිතය. කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාව පැවැත්වෙන අතර කොළඹ මහාධිකරණ කලාපයේ සියලුම ඉහළ පොලිස් නිලධාරීන් මේ සාකච්ඡාව සඳහා කැඳවා ඇත.
     
    කොළඹ මහාධිකරණයේ සියලුම විනිසුරුවරුන්, නිතිපති දෙපාර්තමේන්තුවේ නඩු කටයුතු සඳහා සහභාගී වන නිතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් මේ සාකච්ඡාව සඳහා කැඳවා ඇති අතර මෙහිදී නඩු ප්‍රමාදයන් මගහැරීම සඳහා පොලිසිය ගත යුතු ක්‍රියාමාර්ග සහ ඔවුන්ට ඇති ගැටළු සාකච්ඡා කිරීමට නියමිතය.
     
     

    Latest News