මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුන 430 දෙනෙක්,ඊයේ හඳුනාගනු ලැබීය. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය (31) දිනට රුපියල් 1,668,379,121.74ක් විය.

කොරෝනා වෛරසය සදහා 99%කට වඩා ඵලදායී එන්නතක් පර්යේෂණ මට්ටමින් සාර්ථකවී තිබේ. එය අත්හදා බලා ඇත්තේ, අමෙරිකානු ඖෂධ සමාගමක් වන ෆයිසර් සමාගමයි.

කොවිඩ් 19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම තමන්ගේ දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීම වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත් ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් අවශ්‍ය තින්දු තීරණ ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට බලය පැවරේ.

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය පනවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කර සිටියි.

දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොවිඩ්19 වෛරසය ආසාදනය වී සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.

තවත් කොවිඩ්-19 රෝගීන් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3363 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ (28) තවත් ආසාදිතයින් තිදෙනෙක් වාර්තාවීමත් සමගයි.

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32,457,326ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (26) අලුයම වාර්තා කරයි.

Latest News