මෙරට මුළු කොවිඩ් ආසාදිතයින් 3363

සැප් 29, 2020

    මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3363 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ (28) තවත් ආසාදිතයින් තිදෙනෙක් වාර්තාවීමත් සමගයි.

    ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3210 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අනූව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 139ක් පමණයි.

    මේ අතර, ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1203ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 284,059ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 29 සැප්තැම්බර් 2020 12:52

    Latest News