කොවිඩ් අරමුදලේ වියදම් වාර්තාව

නොවැ 10, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය (31) දිනට රුපියල් 1,668,379,121.74ක් විය.

    එම මුදලින් අද (10) දක්වා 402,190,701ක මුදලක් පහත වගුවේ පරිදි වෙන් කර සහ වැය කර ඇත.

    Itukama 900px 20 11 10

    2020.03.18 දින පැවති කැබිනට් රැස්වීමේ තීරණයක් අනුව 2020.03.23  දින අරමුදල පිහිටවනු ලැබීය. “සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල” කළමනාකරණය පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂ්ත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කරන අතර අමාත්‍යාංශ ලේකම්වරු,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයෝ සහ බැංකු ප්‍රධානීහූ කළමනාකරණ මණ්ඩලයට පත් කරනු ලැබ සිටිති.

    කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කටයුතු කරයි.

    කොවිඩ් මර්දනය සඳහා යම් ආයතනයකට මුදල් අවශ්‍ය වූ විට කමිටුවේ අනුමැතිය ඇතිව එම මුදල අදාළ ආයතනය විසින් රජයේ ප්‍රසම්පාදන නියමයන්ට අනුකූලව වියදම් කරන අතර අරමුදල කරනුයේ මුදල ප්‍රතිපූරණය කිරීමකි. කිසිදු අවස්ථාවක කමිටුව සෘජු මිලදී ගැනීමක් හෝ සෘජු මුදල් වැයකිරීමක් නොකරයි. අරමුදලේ ගණුදෙනු ජනාධිපති කාර්යාලයේ ගිණුම් අංශය විසින් සිදුකරන අතර ඒවා රජයේ විගණකාධිපතිවරයාගේ පූර්ණ විගණනයකට යටත් ය.

    Latest News