යහපාලනයෙන් ලැබුනු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිටපු ජනපතිනි කියූ දේ (වීඩියෝ)

දෙසැ 16, 2018
  • යහපාලනය තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව ගුණාංග ස්ථාපිත කිරීම තුල අර්බුදකාරී අවස්ථාවේ ඇතිවීමට තිබූ නොසන්සුන්තාවන් අවම වීමට බලපෑ බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද ප්‍රකාශ කළා.

    අධිකරණය, පොලීසිය, ත්‍රිවිධ හමුදාවට ජනාධිපති හෝ අගමැති කිසිඳු බලපෑමක් නොකිරීමත් ඒ අය ද ඔවුන් ද ස්වාධීනව කටයුතු කිරීම අගය කළ යුතු බවයි, ඇය කියා සිටියේ.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය..

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුකරලා ඉවරයි...අභියාචනාධිකරණයෙනුත් තීන්දුකරල අවසන්...මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවක් ලෙස අපේ පක්ෂයෙන් වැරදි කරන කොට මට කතා කරන්න බැහැ...2015 වෙන විට මේ රටේ මහා ජරාජීරණය වුණ ක්‍රමයක් සහ අණ්ඩුවක් තමයි තිබුණේ...මේ ක්‍රමය වෙනස් කරන්න හවුල් වුණ කෙනෙක් තමයි මම...අපි සේරම එකතුවෙලා යහපාලනය ඇතිකරන්න උත්සහ කළා..එකෙන් අඩක් ඉතිරිවෙලා තියනවා කියලා කියන්න පුළුවන්...අධිකරණය, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, වැදගත් රටක ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න ඕන විදිහට මේ වන විට ක්‍රියා කරලා තියනවා...වෙන අය කටයුතු කළේ නැතත් අධිකරණයට, ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ඒ විදිහට කටයුතු කරන්න හැකිවුණේ අපි 2015 ඇතිකර ගත්ත ක්‍රම සහ විධි නිසා..ස්වාධීන කොමිසම්සභා මගින් ඒ ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ද මේ තත්වයට බලපෑවා..රාජපක්ෂ යුගය වගේ අපේ අගමැති හෝ ජනපති විනිසුරුවරුන්ට කතාකරලා බලපෑම් කළේ නැහැ තීන්දුව ලැබෙන්න ඕන විදිහ ගැන...පොලීසියටත් එහෙමයි...මම ආඩම්බර වෙන්නේ එක් නිසයි...පාර්ලිමේන්තුවේ කතාකරන සමහර පුද්ගලයන් ගැන මම කතාකරන්න කැමති නැහැ..

    Last modified on ඉරිදා, 16 දෙසැම්බර් 2018 16:27

    Latest News