චන්ද්‍රිකාගේ රැස්වීමට ගිය නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවතට; මධ්‍යම කාරක සභාවේ දී තීරණයක් (වීඩියේ)

නොවැ 06, 2019
  • චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවති සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී (5) ඊයේ රාත්‍රියේ රැස්විය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

    සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වූ අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්විය. එසේම ඉවත් කරනු විනය නීති කැඩූ ආසන සංවිධායක වෙනුවට වැඩබලන ආසන සංවිධායකවරුන් කඩිනමින් පත් කිරීමට ද තීරණය කෙරිණ. සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු පිරිස් අදහස් දැක්වීය...

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් පැවති සම්මේලනය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ. එහිදී සභාව ඇමතූ හිටපු ජනාධිපතිනිය කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ හා සමග සම්බන්ධ වීමට ගත් තීරණය සිය පක්ෂයේ ව්‍යාවස්ථාවට පටහැනි බවයි. ව්‍යවස්ථාවට පිටින් පක්ෂයේ ප්‍රධානීන් යැයි සිතා ගිවිසුම් අත්සන් කිරිම නීත්‍යානුකූල නොවන බව ද ඇය එහිදී කියා සිටියේය.

    කිසිඳු අවස්ථාවක එම සම්මේලනයට සහභාගී වූ පක්ෂ සාමාජිකයින්ගේ හෝ සංවිධායක ධූරයන් අහෝසි කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව ඇය එහිදී කියා සිටියාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනූව වැඩබලන සභාපති ධුරයක් නොමැති බව ඇය පෙන්වා දුනි.

    සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂයේ කටයුතුවලින් ඉවත්වීම ද පක්ෂය දුර්වල කිරිමට හේතුවූ බව ඇය එහිදී කියා සිටියාය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණට හෝ රාජපක්ෂවරුන් යටතට පත්වීමට ඉඩ නොදෙන බවත් මෙවර ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින බවට ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පොරොන්දු වූවාය.

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 10:25

    Latest News