කළුතර, ගාල්ල, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ පුත්තලම, මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මේ සඳහා තෝරාගෙන තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය ලබා ගත් ඉන්ධන වෙනුවෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබෙන මුදල හා ඊට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
සියලු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වැලිගල් සහ පස් ප්‍රවාහනයේ දී පනවා තිබූ බලපත්‍ර අහෝසිය සතියක පමණ පරීක්ෂණ කාලයකට යටත් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වැලිගල් සහ පස් ප්‍රවාහනයේ දී බලපත්‍ර අහෝසිය ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් සිදුකර ඇත.
අමාත්‍ය මණ්ඩලය අද (04) පස්වරුවේ රැස්වීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් පසු හෙට දිනයේ දී අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (09) පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරින්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අද (1) තීරණය කර ඇත.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.