ඇමති මණ්ඩලය හෙට දිවුරුම් දෙනවා..මන්ත්‍රී ඩලස්

නොවැ 21, 2019

    අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් පසු හෙට දිනයේ දී අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ගණන මේ වන විට තීරණය කර නොමැති බවත්, එය ජනාධිපතිතුමා විසින් ගනු ලබන තීරණයක් බවත් ඔහු කියා සිටියේය. ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකවරුන්ගේ හමුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා මහතා කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය හෙට දිනයේ දිවුරුම්දෙනු ඇති බවත් එය 15 දෙනෙකුට පමණ සීමාවිය හැකි බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 12:44

    Latest News