දිල්රුක්ෂි ඩයස්ගේ ප්‍රකාශය ගැන නීතිපතිගෙන් විමසිය යුතුයි..ඇමති තලතා

සැප් 21, 2019

    අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ප්‍රකාශයක් ලබාදිය යුතු බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

    මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට තමාට හැකියාවක් පවතින බව ද අමාත්‍යවරයි වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදුකළ බවට සමාජ මාධ්‍ය හරහා විකාශය වන හඩ පටසම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

    "එතුමිය අල්ලස් කොමිසමේ සභාපතිතුමිය හැටියටයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. මම මේ හඩපටය ඇහුවා. මේකේ අපිට විසදගන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. හඩ පිළිබඳව පරීක්ෂා කළ යුතුයි. මෙතුමිය මේක කියන්නේ දේශපාලන බලපෑම් ආවා කියලා. මේ පිළිබඳව මෙතුමියගෙන්ම අහලා දැන ගන්න ඕන. මට කෙලින්ම එතුමියගෙන් අහන්න බැහැ. එතුමියගේ ආයතන ප්‍රධානියා නිතිපතිතුමායි. එතුමා හරහා තමයි මේක අහන්න ඕන. මම ඕන කෙනෙකුට අභියෝග කරනවා අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම් තියෙනවා කියලා කියනවා නම් ඕන අභියෝගයක් මම භාර ගන්නවා. එතුමියගේ ආයතන ප්‍රධානියා ලෙස නීතිපතිතුමා මේ පිළිබදව ප්‍රකාශයක් සිදු කළ යුතු වෙනවා. අනිත් කරුණ තමයි මේ එතුමියගේම කටහඩ ද කියලා දැන ගන්න ඕන. ඒ සදහා කටහඩ පරීක්ෂාවක් සිදු කළ යුතු වෙනවා."

    මේ පිළිබදව පරීක්ෂණයක් වත්වන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළාය.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 07:58

    Latest News