ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (31) නිකුත් කර ඇත.

සුදුසුකම් ලැබූ රැකියා විරහිත උපාධිධාරීන් හතළිස් දෙදහසකට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ. අද සවස වන විට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂිතයින්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කිරීමට නියමිතයි. පත්වීම් ලිපි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පොස්ට් කුරියර් සේවාව මගින් ලැබීමට සලස්වා ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

රාජ්‍ය ආයතන වෙත සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීම ලබන සතියේදී සිට ආරම්භ වෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් 354න් 302 ක විදුහල්පතිධූර සදහා නිත්‍යානුකූල පත්කිරීම් වත්මන් පාලන කාලය තුළ මගහරිමින් සිටිනුයේ එළඹෙන මැතිවරණවලදී තම ආණ්ඩුවට වාසිවන අයුරින් මෙම විදුහල්පතිවරුන් හා පාසල් ප්‍රජාව මෙහෙයවීමට බව පවසමින් ලංකා ගුරු සේවා සංගමය ජනතාව නොමග යැවීමට දරණ උත්සාහය තරයේ හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Latest News