ජනපතිගෙන් තවත් පත් කිරීමක්

නොවැ 01, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (31) නිකුත් කර ඇත.

    එම කොමිසමේ සභාපති සහ සාමාජිකයෙකු ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් මාපා මහතා පත්කර ඇත.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර, ජනාධිපති නීතීඥ විවේකානන්දන් පුවිතරන් සහ ජේ.ඩබ්ලිව්.එස් සිරිවර්ධන යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.

    Latest News