ලැබෙන SMS ගැන ප්‍රවේසමෙන්: මුදල් සමඟ මරඋගුලක්

දෙසැ 28, 2019

    විදේශ රටවල දුරකථන අංක වලින් මේ දිනවල මග හැරුණු ඇමතුම් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබෙන බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබි තිබේ.

    ඒ සමගම නාදුනන ශ්‍රී ලාංකික දුරකථන අංක වලින් විවිධ වර්ගයේ (SMS) කෙටි පණිවිඩ ශ්‍රී ලාංකික ජනතාවට ලැබීමේ ප්‍රවනතාවයක් පවතින බවත් එම සංගමය පවසයි.

    ශ්‍රී ලාංකික ජංගම දුරකතන පරිශීලකයන් යම් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කල බවත් එම ත්‍යාගය ලබාගැනීමට යම් මුදලක් ගෙවය යුතු බවත් සදහන් කරමින් ලැබෙන කෙටි පණිවිඩ වලට ඔබගේ පෞද්ගලික විස්තර ලබානොදෙන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරනය කරයි. ඔවුන් විසින් සපයනු ලබන බැංකු ගිණුම් අංක වලට හෝ bitcoin wallet වෙත මුදල් ලබාදීමට යාමෙන් වලකින ලෙසත් ඉල්ලා සිටි.

    මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුවත් කිරීමට කටයුතු කරනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

    Latest News