හෙරොයින් කිලෝ 231ක් සමඟ දෙදෙනෙකුට මාංචු

දෙසැ 06, 2018

    මෙරට දී හමුවූ දෙවැනි විශාලතම හෙරොයින් තොගය බේරුවල අශ්‍රිත මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් විය.

    ඊයේ රාත්‍රී සිදු කෙරුණු වැටලීමක දී කිලෝග්‍රෑම් 231යි ග්‍රෑම් 54කින් යුතු එම හෙරොයින් තොගය සොයා ගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. එහි වටිනාකම  රුපියල් කෝටි 278ක් පමණ වන බවයි, පොලීසිය පවසන්නේ.

    බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබිය දී බේරුවල සහ බලපිටිය අතර මුහුදු සීමාවේ දී සැකකරුවන් දෙදෙනෙකු ද සමඟ මේවා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. වැටලීමට ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද හිමිවිය. සැකකරුවන් 38 හා 34 හැවිරිදි වියේ පසුවන්නන් බව පොලීසිය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 දෙසැම්බර් 2018 11:17

    Latest News