ඉදිරි දින කිහිපයේත් වැසි

දෙසැ 06, 2018

    ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායු ගෝලයේ පවතික කැලඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඊසාන දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. මධ්‍යම, නැගෙනහිර, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැක. උතුරු නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවේ. සෙසු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

    මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේ දී මීදුම සහිත තත්වයක් ඇති විය හැක. වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් හම්බන්තොට සහ පොතුවිල් ඔස්සේ ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැක.

    Latest News