උසස් පෙළ - කොළඹ පිටින් ජයග්‍රහන රැසක්

දෙසැ 30, 2018

    2018 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රී නිකුත් කෙරිණ.

    ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ගම්පහ රත්නාවලි බාලිකා මහ විද්‍යාලයේ සමුද්‍රා රාජපක්‍ෂ සිසුවියයි. කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ රවිඳු ශශික ඉලන්ගම්ගේ දෙවන ස්ථානය ද, මාතලේ සහිරා විද්‍යාලයේ හකීම් කරීන් තෙවන ස්ථානය ද හිමිකර ගත්හ.

    භෞතික විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානයට පත්වූයේ, කොළඹ විශාඛා විද්‍යාලයේ වසන්තා විජයගුණවර්ධන සිසුවියයි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ දෙවන ස්ථානය ලබාගෙන ඇත. තෙවන ස්ථානයට පත්වූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෙමිඳු ජනිත් විජේසේකර සිසුවායි.

    වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න සිසුවායි. ගම්පහ රත්නාවලි බාලිකා මහ විද්‍යාලයේ උච්නි අයත්මා රණවීර සහ කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න යන ශිෂ්‍යාවෝ පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනාගත්හ.

    කලා අංශයේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ, පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සේනාධි දම්යා ද අල්විස් ශිෂ්‍යාවයි. කුරුණෑගල මලියදේව බාලිකා මහ විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහ දෙවැනි ස්ථානය ද මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ උමේෂා කුමාරි පිටිගල තෙවන ස්ථානය ද දිනාගත්හ.

    ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාවෙන් ප්‍රථම සහ දෙවන ස්ථාන ලබාගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකි. ඒ, පමුදිත යසස් පතිරත්න හා සමරනායක තරිඳු හේෂාන් යන සිසුන්ය. තෙවන ස්ථානය හිමිවූයේ නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ සෙශාන් රංගන විජේකෝන් සිසුවාටය.

    ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාවෙන් කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිප්පිලි ප්‍රථම ස්ථානය දිනාගත්තාය. දෙවන ස්ථානය හිමිවුයේ සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ බාවා රිෂා මොහොමඩ් සිසුවා වන අතර හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ විසිඳු දිලෙන්ක ලක්මාල් සිසුවා තෙවන ස්ථානය ලබා ගත්තේය.

    විභාග ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන 16 වැනිදාට පෙර අයදුම් කළ යුතු බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 14:23

    Latest News