ඇමතිකම් අවශ්‍ය නැහැ; දැන් මම ජනපති වුනා වගේ - ඩිලාන්

දෙසැ 23, 2019

    රාජ්‍ය අමාත්‍ය ධුරයක් හෝ නොලැබීම සම්බන්ධයෙන් කිසිසේත් කණගාටු නොවන බවත් ජනාධිපති ධුරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීම යනු තමන් ජනාධිපති ධුරයට පත්වීම හා සමාන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

     ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    අමාත්‍ය ධුරයක් නොලැබීම ගැන කණගාටු නොවන්නේදැයි මාධ්‍යවේදින් විමසා සිටි අවස්ථාවේදී "නෑ, මට ජනාධිපතිකම හම්බවුණානෙ ... ගෝඨාභය මහත්තයා ජනාධිපති කියන්නෙ මං ජනාධිපති වුණා වගේ තමයි. අනිත් එක මම ඇවිල්ලා කැබිනට් මණ්ඩලය අඩුකරන්න කියලා කෑගහපු මිනිහෙක්. ඉතිං මං ඒකට සන්තෝසයි" යැයි ඔහු කියා සිටියේය.

    එසේම ඉදිරි මහමැතිවරණය සඳහා ජනතාව ව්‍යාකූලත්වයට පත් නොකර පොහොට්ටුව ලකුණින්ම තරගවැදිය යුතු බව ද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

    Latest News