කුඩා ට්‍රක්-මදුරුවා යතුපැදි රියදුරන්ට් තාවකාලික සහනයක්

දෙසැ 22, 2019

    බලපත්‍ර නොමැතිව පිටුපස ආවරණය කරන ලද කුඩා ට්‍රක් රථ හා ලියාපදිංචි නොකල එන්ජින් ධාරිතාවය 49 සී සී වර්ගයේ යතුරු පැදි අත් අඩංගුවට ගෙන නඩු පැවරීම අත්හිටුවන්නැයි සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) පැවසීය.

    මාතර පඹුරණ ඒ මහතාගේ කාර්යාලයේ පැවැත්වු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඒ බව කීය.

    කුඩා ට්‍රක් රථ වල පිටුපස කොටස ආවරණය කරන්නේ නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට රුපියල් 500 ක් ගෙවා බලපත්‍රයක් ලබා ගත යුතුවේ. එන්ජින් ධාරිතාවය 49 සී සී වර්ගයේ යතුරුපැදි ලියාපදිංචි කර ආරක්ෂිත හිස් වැසුම් පැලද ධාවනය කල යුතු බව නීතියක් පැවති බවද ඔහු පැවසිය.

    මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී එම රථ වාහන හිමියන් විවිධ හිරිහැර වලට ලක්ව ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන ගැනීමට ලැබීමෙන් අද (22) උදෑසන සිට ජනාධිපතිවරයා විසින් එම නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී තිබෙන බවද ඔහු සදහන් කළේය.

    උත්සව සමයේ ජනතාව අපහසුතාවයට පත් කළ නොහැකි බැවින් මෙන්ම නීතිය පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නා නිසාත් ජනතාව ඒ පිළිබදව දැනුවත් කිරීමෙන් පසු යළි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අබේවර්ධන මහතා අවධානරය කළේය.

    කුඩා ලොරි රථ වල පිටුපස කොටස ආවරණය කිරීම සදහා බලපත්‍රය ලබා ගැනීමට පෙර රජය රුපියල් 25000 ක් නියම කර තිබු බවද 2009 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එය රුපියල් 500 ක්‍ දක්වා අඩු බව ද ඔහු කීවේය.

    අදාල තීරණය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා මගින් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහිදි පැවසිය.

     

     

     

    Latest News